හන්තාන තවමත් ඇවිලේ - නිවන්න පොලීසි 3ක්
Tuesday, 11 February 2020 - 8:55 | Views - 606
මහනුවර - හන්තාන කන්දේ බෑවුමක් වන මහකන්ද රක්ෂිතයේ හටගෙන ඇති ගින්න තවදුරටත් පවතින බව පොලීසිය පවසනවා.

ගින්න නිවා දැමීම සඳහා බල ප්‍රදේශ 3ක පොලිස් ස්ථාන, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම යුද හමුදාව ද එක්ව සිටින බවටයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට පමණ ඉහත දී හන්තාන රක්ෂිතයේ මෙම ගින්න හට ගෙන ඇති අතර වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ව්‍යාප්ත වීම වැඩි වී තිබෙනවා.

රාත්‍රී කාලය වන විට ගින්න නිවා දැමුව ද යළිත් දහවල් කාලයේ ගින්න හට ගන්නා බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 30කට ආසන්න භූමි ප්‍රමාණයක් දැනටමත් විනාශ වී තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් රක්ෂිතයේ කොටසකට ගිනි තැබීම සිදුකර ඇති අතර එය මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top