පූටින් චීනයට මානුෂිය ආධාර පිරිනමයි
Tuesday, 11 February 2020 - 8:43 | Views - 497
කොරෝනා වෛරසයෙන් පීඩාවටත් පත් වූහාන්හි ජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පූටින්ගේ නියෝග මත මෙටි්රක් ටොන් 23ක මානුෂීය ආධාර ලබාදීමට රුසියානු හමුදාව පියවර ගෙන ඇත.
2003 වසරේදී සාර්ස් වෛරසය පැතිර යන විට චීනය ලෝක ආර්ථිකයේ 6 වැනි ස්ථානයේ පසු වුවත් වසර 17 කදී චීනය ලෝකයේ දෙවැනි බලවත්ම ආර්ථිකයට හිමිකම් කීමට සමත් විණි.
මෙම නව වෛරසය පැතිර ගියේ චීනය ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගනිමින් සිටියදීයී.
චීනයේ මෙම තත්ත්වය එරට ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයට ද බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.
චීනය සමග දැඩි ලෙස මූල්‍ය ගනුදෙනු පවත්වන ඔස්ටේ්රලියාවට මේ වනවිටත් එහි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
Share This Article