උණ ලීයෙන් මෙගොඩ වෙන්න හැදූ තරුණයා මහවැලි ගඟට බිලි බේරා ගැනීමට හැදූ මිතුරාත් මරුට
Tuesday, 11 February 2020 - 8:37 | Views - 1,399

මිතුරන් පිරිසක් සමග ගම්පොල මහවැලි ගෙඟ් දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ උඩුනුවර බූවැලිකඩ බටුපිටිය ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් නිස්තාර් මුස්නි (21) හා මොහොමඞ් ඉක්රාම් (23) නමැති තරුණයන් දෙදෙනායි.
විසිහතර දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යතුරුපැදි, ති‍්‍රරෝද රථ, වෑන් රථ රැගෙන ගම්පොල කොත්මලේ මාර්ගයේ මොරගොල්ල ප‍්‍රදේශයේ සිට මහවැලි ගෙඟ් දිය නෑමට පැමිණ තිබේ.
මෙම ස්ථානයේ නාන තොටුපළක් තිබුණ ද පවතින ඉඩෝරය සමග පිරිස වැඩි නිසා මොවුන් ඊට ඉහළ ස්ථානයකට ගොස් දිය නා තිබේ.
පෙරේදා සවස 2.00 ට පමණ මෙම ස්ථානයට පැමිණ ඇති මොවුන් විනෝද වෙමින් දිය නා තිබේ.
ඒ අතර මෙම ස්ථානයේ තිබූ උණ ලීයක් අල්ලාගෙන ගඟ හරහා ගොස් එගොඩ වී එහි ගතකොට යළිත් මෙම පිරිස උණ ලීය ආධාරයෙන් මෙගොඩට පැමිණෙමින් සිට තිබේ. ඒ අතර එක් තරුණයකු හිස තෙමා ගැනීම සඳහා පහත්වී ඇති අතර ඒ සමගම උණ ලීය අතහැරී ඔහු දිය යටට ගොස් තිබේ.
p3 2එවිට පසුපස සිටි තරුණයකු ද ඔහු බේරා ගැනීමට උත්සාහ දැරීමේදී දෙදෙනාම දිය යටට ගොස් තිබේ.
පසුව මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත දන්වා ඇති අතර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් කුමාර වික‍්‍රමරත්න මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ කිමිදුම් කණ්ඩායමක් ගෙන්වීමට කටයුතු කර තිබේ.
ඒ අතර ප‍්‍රදේශයේ තරුණයන් ලවා ගඟ සෝදිසි කිරීමේදී පස්වරු 5.00 ට පමණ මෙම තරුණයන්ගේ සිරුරු හමු විය.
මළ සිරුරු ගොඩගත් පසු මරණ පරීක්‍ෂක නලින් මැදිවක මහතාගේ නිරීක්‍ෂණයෙන් පසු සිරුරු ගම්පොල රෝහල වෙත රැගෙන යන ලදී.
පශ්චාත් මරණ පරීක්‍ෂණය ගම්පොල රෝහලේදී පැවැත්වීමට කටයුතු කර තිබිණි.
Share This Article