රාජගිරිය ගුවන් පාලම අසල අනතුරක් නිසා දැඩි රථවාහන තදබදයක්
Tuesday, 11 February 2020 - 8:33 | Views - 415
රාජගිරිය ගුවන් පාළම ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මෝටර් රථ දෙකෙහි ගමන් කළ පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර හේතුවෙන් රාජගිරිය අවට සුළු රථ වාහන තදබදයක් ද හට ගත්තා.
Share This Article