කාන්තාවකට නින්ද ගිහින් මෝටර් රථයක් බදුලු ඔයේ
Tuesday, 11 February 2020 - 8:09 | Views - 477
බදුල්ල - මහියංගන ප්රධාන මාර්ගයේ මීගහකිවුල, තල්දෙන ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි සියයක් පමණ පහළින් පිහිටි බදුලු ඔය පෙරලීමෙන් ඊයේ (10) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
කාන්තාවක විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් මෝටර් රථයේ පැමිණි කාන්තාව බරපතල තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රථය පැදවූ කාන්තාවට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පලකරන අතර අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිස් රථ රථවාහන අංශය පරීක්ෂණ පවත්වනවා.
Share This Article