බ්‍රිතාන්‍යය, කොරෝනා වෛරස් අවදානම ඉහළ නංවයි
Monday, 10 February 2020 - 16:22 | Views - 374
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යාමත් සමඟ බ්‍රිතාන්‍ය රජය වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා නව පියවර ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වෛරසය මහජන සෞඛ්‍යය සඳහා නියත සහ බරපතල අවදානමක් බවයි.
ඒ අනුව චීනයේ වූහාන් වෙත සංචාරය කර පැමිණෙන පුද්ගලයන් වෙන් කර පරීක්ෂා කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන හිමි වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
නව නව පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ එවැනි පුද්ගලයන් දින 14ක් වෙන් කර තැබීමට දැනටමත් පවතින රෙගුලාසිවලට අමතරවයි.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 40,600 ඉක්මවා ඇති අතර, මරණ 910ක් වාර්තා වුණා.
චීනයේ 40,000 ඉක්ම වූ ආසාදියන් හැරුණු කොට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්.
එහි තවත් ආසාදිතයන් 60 දෙනෙකු ඊයේ සොයා ගැනුණු අතර ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 136ක් ලෙස සටහන් වනවා.
Share This Article