වැවිලි සංස්ථාවේ තේ දළු පෞද්ගලික සමාගම් වෙත දීම අත්හිටුවයි
Monday, 10 February 2020 - 15:15 | Views - 439
වැවිලි සංස්ථාවේ තේ වතුවලින් නෙලාගන්නා දළු පෞද්ගලික වැවිලි සමාගම් වෙත ලබාදීම වහාම අත්හිටුවන ලෙස විෂයභාර අමාත්‍ය රමේෂ් පතිරණ බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
සංස්ථාව සතුව තේ වතු 15 ක් පවතින අතර, ඒවායේ කර්මාන්තශාලා මගින් උපරිම ධාරිතාවට තේ දළු ඇඹරීමේ හැකියාව තිබියදී පසුගිය කාලයේ දළු මෙලෙස පෞද්ගලික වැවිලි සමාගම් වෙත ලබාදී ඇති බවයි සංස්ථාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
එලෙස එක් වත්තකින් ලබාදුන් තේ දළු සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් මෙතෙක් සංස්ථාව වෙත ලැබී නොමැති බවද වාර්තාවනවා.
අමාත්‍ය රමේෂ් පතිරණ බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඵලදාව වැඩි කාලසීමාවේදී ටෙන්ඩර් කැඳවා නියමිත ආයතනයක් තෝරාගෙන එම ආයතනය වෙත පමණක් තේ දළු ලබාදෙන ලෙසයි.
Share This Article