ලොව උසම ස්ථුපය ලෙස සැලකෙන ජේතවාරාම දාගැබෙහි පවතින පැළුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක ප්‍රකාශ කළා.
හතරැස් කොටුවේ සිට දැගැබෙහි පහළට විහිදි යන ලෙස පැළුම් හතරක් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
අදාළ පැළුම් කාලයක සිට පවතින බවත් ඒවාට තාවකාලික පිළියම් යෙදීමට කටයුතු කර ඇති බවත් ජේතවාරාම ව්‍යාපෘති භාර අධ්යක්ෂ එච්. එම්. එම්. හේරත් කියා සිටියා.
කෙසේ වෙතත්, පසුගිය කාලයේ පැවැති වාර්ෂාවත් සමඟ යොදා තිබු තාවකාලික පිරියම් සේදි ගොස් තිබෙන අයුරු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
