සෞදියේ අධිවේගී මාර්ගයක වාහන 20ක් එකිනෙක ගැටී සිදු වූ අනතුර
Monday, 10 February 2020 - 12:27 | Views - 628
සෞදි අරාබියේ ටබුක් පළාතේ අධිවේගි මාර්ගයක මෝටර් රථ විස්සක් එකට ගැටී විශාල අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මීට මාස දෙකකට පෙර විවෘත කළ ෆාහඩ් රජු පාරේ පාලමක් මත මෙම අනතුර සිදුව තිබෙනවා.
මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙක් අනතුර වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇති අතර අදාල අනතුරු පිළිබඳව අන්තර්ජාල පරිශීලකයින් අතරද කතා බහක් ඇති වී තිබෙනවා.
අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකරනවා.
Share This Article