ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී දෙදරු පියෙක් මරු වැළඳ ගනී (ඡායාරූප)
Monday, 10 February 2020 - 12:11 | Views - 480
ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදූව පොලිසිය අසල දී ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු මෝදරවත්ත, කොග්ගල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදෙරු පියෙක්.

අනතුරට පත් ලොරි රථය පානදුර ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථය මාර්ගය හරහා පෙරළි ගොස් ලොරි රථයේ ගැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.

අනතුර සම්බන්ධයෙන්  හබරාදූව පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර ලොරි රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top