ත්රිරෝද රථයක් ලොරි රථයක ගැටී දෙදරු පියෙක් මරු වැළඳ ගනී (ඡායාරූප)
Monday, 10 February 2020 - 12:11 | Views - 481
ගාල්ල - මාතර ප්රධාන මාර්ගයේ හබරාදූව පොලිසිය අසල දී ත්රීරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (09) රාත්රියේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ රියදුරු බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔහු මෝදරවත්ත, කොග්ගල ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදෙරු පියෙක්.
අනතුරට පත් ලොරි රථය පානදුර ප්රදේශයේ සිට කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
ත්රීරෝද රථය මාර්ගය හරහා පෙරළි ගොස් ලොරි රථයේ ගැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.
අනතුර සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර ලොරි රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article