කොරෝනා මරණ 900 ඉක්මවයි - ආසාදිතයන් 40,000ක්
Monday, 10 February 2020 - 8:39 | Views - 342
රටවල් 28 ක් පුරා පවතින කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 904 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවද 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊයේ දිනයේදී පමණක් හුබෙයි පළාතෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 91 ක් වන අතර, ආසාදිත සංඛ්‍යාවද 2618 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සහිත රටවල් අතර, ඉන්දියාව 17 වන ස්ථානයේ පසුවන බව ජර්මනියේ විශ්වවිද්‍යාලයක් සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

රටවල් විස්සක් යොදාගනිමින් සිදුකළ එම අධ්‍යනයේදී ලොව පුරා ගුවන් තොටුපල 4,000 ක ගුවන් ගමන් 25,000 කට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂනය කරමිනුයි ඒ බව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රි ලංකාවේ ද කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට රෝහල් ගතවූ දහසයදෙනෙකු ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට එම වෛරසය වැලඳී නොමැති බව තහවුරු වී තිබෙනවා.

චීනයේ වූහාන් සිට පැමිණි 33 දෙනෙකු මේ වනවිට සතියකට අධික කාලයක් තිස්සේ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාගෙන නිරෝධායනය කරමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top