වැලි මිල පහළට - කොළඹ නගරයේ වැලි පොළ 10ක්
Monday, 10 February 2020 - 8:20 | Views - 1,963
ඉදිරියේදී වැලි මිල රුපියල් 12,000 දක්වා පහළ යනු ඇති බව රජය පවසනවා. දැනට වැලි කියුබ් එකක් රුපියල් 15,000ත්, 16,000ත් අතර මිලකට අලෙවි වනවා.
පාරිභෝගික ජනතාවට අඩු මිලට වැලි ලබාදීම සඳහා කොළඹ නගරයේ වැලි පොළ 10ක් ඉදිකිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
මීට අමතරව ප්රධාන නගරවල ද වැලි පොළ 5 බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර රජය මගින් වැලි කැණීමට ද ඉදිරියේදී පියවර ගනු ඇති.
Share This Article