බිරිඳ නැති වෙලේ නැන්දම්මාට අතවර කරන්න හදලා
Monday, 10 February 2020 - 8:15 | Views - 410
තම බිරිඳගේ මවට බලෙන් අතවර කිරීමට තැත්කළ පුද්ගලයකු බිරිඳට අසුවීමෙන් පසුව බිරිඳ සහ මව මේ සම්බන්ධව තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිස් බල ප‍්‍රදේශයෙන් 7 වැනිදා වාර්තා වී තිබෙන බව තඹුත්තේගම පොලිසිය පවසයි.

බිරිඳ තම දරුවා පෙර පාසලට ඇරවීමට ගිය අවස්ථාවේ දී බිරිඳගේ මව පමණක් නිවසේ සිට ඇත. එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.

එහිදී කතා බහ දිග්ගැස්සී මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට මව සහ දියණිය ගොස් සිටියදී මොහු නිවස පහළ ගසක එල්ලී සිටින බවට අවට නිවෙස්වල පදිංචිකරුවන් මෙම දෙදෙනාට දුරකථනයෙන් දන්වා තිබේ.

ඉන් පසුව මෙම දෙදෙනා එහි ගොස් බලා සිද්ධිය පිළිබඳව පොලිසියට නැවත දන්වා තිබේ. පසුව මෙම සිද්ධිය පිළිබඳව තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා පරීක්ෂණයක් පවත්වා තිබේ. රෝහල් පොලිසියේ පොලිස් සැරයන් (14064) කුමාරසිංහ මහතා සාක්‍ෂි මෙහෙයවා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තා රෝහලේ අධිකරණ වෛද්‍ය කේ.ජී. සම්පත් අරුණ කුමාර මහතා විසින් ලබා දීමෙන් පසුව මෙම මරණය ලාජ්ජාවට පත්වී කරගත් සිය දිවි හානි කර ගැනීමක් බවට මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා තීරණය කර ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top