ගාල්ල - මාතර දිස්ත්‍රික්කවලත්, සබරගමුව පළාතේත් අද පස්වරුවේ වැසි
Monday, 10 February 2020 - 8:11 | Views - 361
සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (10) සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හකි බවයි එම දෙපාර්තමේන්තුව අද (10) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර
උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40-50 පමණ දක්වා වැඩි විය හැකියි.
Share This Article