අමාත්‍ය චමල් රාජපක්ෂ හම්බන්තොට - මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ හදිසි චාරිකාවක
Sunday, 09 February 2020 - 16:15 | Views - 370
කෘෂිකර්ම හා මහවැලි අමාත්‍ය චමල් රාජපක්ෂ හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයේ හදිසි චාරිකාවක අද නිරත වුණා.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම උද්‍යානයේ පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
මෙම උද්භිද උද්‍යානය මෙරට ඇති විශාලතම උද්භිද උද්‍යානය වනවා.
Share This Article