ගම්පහ පොල්තෙල් නිශ්පාදන ආයතනයක ගින්නක්
Sunday, 09 February 2020 - 16:10 | Views - 674
ගම්පහ බෙම්මුල්ල ප්රදේශයේ පොල්තෙල් නිශ්පාදන ආයතනයක හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අද අලුයම 3ට පමණ හටගත් ගින්න ගම්පහ මහ නගර සභාව යුද හමුදාව පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව මැඩපැවැත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වි නැහැ.
සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය පිළිබඳ ගම්පහ පොලිසිය විමර්ශණ සිදු කරනවා.
Share This Article