විග්නේෂ්වරන්ගේ නව සන්ධානය අවබෝධතා ගිවිසුමට එළඹේ
Sunday, 09 February 2020 - 16:01 | Views - 460
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් වු නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තැබුණා.
ඒ දෙමළ ජනතා ජාතික සන්ධානය ලෙසින්.
මෙම නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබිම සිදු කෙරුණේ යාපනයේ පෞද්ගලික හෝටලයකදියි.
දෙමළ ජනතා ජාතික සන්ධාන අවබෝධතා ගිවිසුම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, එස්. ශ්‍රී කාන්තන් නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය, හිටපු උතුර පලාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් නායකත්වය දරන දෙමළ ඊළාම් ස්වාධීන සංවිධානය අත්සන් තැබුවා.
ඒ අනුව ඔවුන් උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ නව සන්ධානයට එක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article