වළකට වැටී සිටි වන අලි පැටවෙකු වනජීවී නිලධාරීන් බේරා ගනී
Sunday, 09 February 2020 - 12:32 | Views - 394
කැකිරාව ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ වලකට වැටී සිටි වන අලි පැටවෙකු ගොඩගෙන රක්ෂිතයට පලවාහැරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා යමින් සිටියදී ඊයේ රාත්‍රී මෙම අලි පැටවා වලට වැටෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
එම අලි පැටවාගේ වයස මාස 6ක් පමණ වන බව සඳහන්.
අලි පැටවා ගොඩගැනීමේ මෙහෙයුම මව් කෙනෙරගෙන් බාධා එල්ලවී තිබු අතර වනජීවී නිලධාරීන් එම සත්වයා පළවාහැරීමෙන් අනතුරුවයි පැටවා ගොඩගනු ලැබුවේ.
Share This Article