තායිලන්තයේ විසි දෙනෙකු ඝාතනය කළ හමුදා නිලධාරියා ආරක්ෂක අංශ වෙඩි පහරින් මරුට
Sunday, 09 February 2020 - 11:32 | Views - 585
තායිලන්තයේ කොරාට් නුවර සාප්පු සංකීර්ණයකට ඇතුලුවී ඉවක් බවක් නොමැතිව වෙඩි තබා පුද්ගලයන් විසිදෙනෙකු ඝාතනය කළ හමුදා නිලධාරියා ආරක්ෂක අංශවල වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තායිලන්ත පොලිසිය සඳහන් කළේ ජක්රෆනාත් තොම්මා නැමති මොහු ඊයේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පෙර සිය අණදෙන නිලධාරියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ඉන් පසුව පැහැරගත් ගිනි අවි සමඟ හමුදා රථයකින් කොරාට් නගරය මධ්‍යයට පැමිණි ඔහු සාප්පු සංකීර්ණයකට ඇතුලුවී වෙඩි තැබීමට පටන්ගත් බව සඳහන්.

කෙසේ නමුත් ඔහුගේ එම ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 42 කු තුවාල ලැබුවා.

සැඟවී සිටි වෙඩික්කරු මියගොස් ඇත්තේ අද අලුයම් කාලයේ තායි ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදියි.

එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයෙකුද මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top