20 දෙනෙකු ඝාතනය කළ තායි ප්‍රහාරකයා තවමත් සාප්පු සංකීර්ණයේ
Sunday, 09 February 2020 - 11:27 | Views - 605
තායිලන්තයේ කොරාට් නුවර සාප්පු සංකීර්ණයකට ඇතුලුවී ඉවක් බවක් නොමැතිව වෙඩි තබා පුද්ගලයන් රැසක් ඝාතනය කළ හමුදා නිලධාරියා තවදුරටත් එහි සැඟවී සිටින බව වාර්තාවනවා.
ආරක්ෂක අංශ එම ස්ථානය වටලා ඇති අතර, සාප්පු සංකීර්ණයේ පහත මාලය සියතට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඊයේ සන්ධ්‍යාවේ මෙම හමුදා නිලධාරියා තම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ නිවසට ගොස් වෙඩි තබා පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනය කර තිබුණා.
හමුදා සෙබළෙකුද එය අතර වනවා. ඉන් පසු ස්වයංක්‍රිය ගිනිඅවි රැගෙන හමුදා රථයකින් නගර මධ්‍යයට ගිය ඔහු සාප්පු සංකීර්ණයට ඇතුලුවී වෙඩි තැබීමට පටන්ගෙන තිබෙනවා.
පුද්ගලයන් 20 දෙනෙකු එම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර, තුවාල ලැබූ 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි තායි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
Share This Article