ශ්‍රී ලංකාව සංචාරක ප්‍රවර්ධනයට රටවල් 4ක් සමඟ ගිවිසුම්වලට එළඹේ
Sunday, 09 February 2020 - 11:22 | Views - 472
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් රටවල් 4ක් සමඟ ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට තීරණය කර තිබෙනවා.
චීනය, ඉරාකය, පාකිස්ථානය සහ එස්තෝනියාව යන රටවල් සමඟ මෙලෙස ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන අතර, ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවුණා.
එමෙන්ම ඉදිරියේදී දකුණු අප්‍රිකාව සහ ජෝර්ජියාව සමඟ ද මෙලෙස ගිවිසුම් ගතවීමට අපේක්ෂා කරන බවයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව සංචාරක කර්මාන්තයේ මතුව ඇති තත්වය හමුවේ මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද විය හැකි වුවද පවතින තත්ත්වය යථා තත්ත්වයට පත්වූ වහාම මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වනවිට ශ්‍රී ලංකාව රටවල් 10ක් සමඟ සංචාරක ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබෙනවා.
Share This Article