පේරාදෙණියේ සහ රඹුක්කන කැලෑ ගිනි මැඩපවත්වයි
Sunday, 09 February 2020 - 11:17 | Views - 425
පේරාදෙණිය - මහකන්ද ප්‍රදේශයේ හටගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
ඊයේ දහවල් සිට ඇවිලෙන ගින්න නිවා දැමීම සඳහා පොලීසිය, මහනුවර ගිනි නිවන ඒකකය සහ යුද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව තිබෙනවා.
මේ අතර රඹුක්කන - අලගල්ල කන්දේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නක්ද පොලීිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Share This Article