කොරෝනා වෛරස් මරණ 813 දක්වා ඉහළ යයි - ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් හෙට චීනයට
Sunday, 09 February 2020 - 9:29 | Views - 686
කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 813 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 811 ක්ම චීනයෙන් වාර්තාවන අතර, හොංකොං දේශයෙන් සහ පිලිපීනයෙන් මරණ දෙකක් වාර්තාවුණා.

කෙසේ නමුත් එහිදී මියගිය දෙදෙනාම වෛරසය කේන්ද්‍රවූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට එහි ගිය චීන ජාතිකයන්.

ජපාන සහ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකුද චීනයේ වූහාන් නුවරදී කොරෝනා වෛරසයෙන් මියගියා.

නවතම දත්තවලට අනුව නව මරණ 89 ක් වාර්තාවී ඇති අතර ඉන් 81 ක්ම වාර්තාවන්නේ හුබෙයි ප්‍රාන්තයෙන්.

මේ වනවිට කොරොනා වෛරසයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2002 - 2003 වසරවල සාර්ස් වෛරසයෙන් මියගිය 774 සංඛ්‍යාව අභිබවා අවසන්.

වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව ද මේ වනවිට 37,000 ඉක්මවා තිබෙනවා.

මේ තත්ත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රමුඛ කණ්ඩායමක් කරුණු සොයාබැලීම සඳහා හෙට හෝ අනිද්දා චීනයට පැමිණීමට නියමිතයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක්ද ඒ සඳහා එක්වන අතර, ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ විශේෂඥයන්ද ඊට ඇතුළත්විය හැකි බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top