මුලතිව්හිදී මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල
Sunday, 09 February 2020 - 9:15 | Views - 441
මුලතිව් - සිලාවත්ත ප්‍රදේශයේ පරණ යකඩ සහ ප්ලාස්ටික් එකතු කරනු ලබන පුද්ගලයෙකු මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සාහ කිරීමේදී එය පුපුරා යාමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවස තුළ තිබී තවත් මෝටාර් උණ්ඩ 3 ක් සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
39 හැවිරිදි සහ 69 හැවිරිදි සැකකරුවන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තිබෙනවා. මෝටාර් උණ්ඩය පිපිරී යාමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට මාන්චෝලේ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
Share This Article