මුලතිව්හිදී මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල
Sunday, 09 February 2020 - 9:15 | Views - 442
මුලතිව් - සිලාවත්ත ප්‍රදේශයේ පරණ යකඩ සහ ප්ලාස්ටික් එකතු කරනු ලබන පුද්ගලයෙකු මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සාහ කිරීමේදී එය පුපුරා යාමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවස තුළ තිබී තවත් මෝටාර් උණ්ඩ 3 ක් සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

39 හැවිරිදි සහ 69 හැවිරිදි සැකකරුවන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තිබෙනවා. මෝටාර් උණ්ඩය පිපිරී යාමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට මාන්චෝලේ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top