පනස්නව ලක්ෂයක රත්රං සමග ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට
Saturday, 08 February 2020 - 18:33 | Views - 329
ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගියෙකු සතුව තිබී නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් පනස්නව ලක්ෂ 50,000ක් වටිනා රත්රං තොගයක් කටුනායක ගුවන්තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපල පිටත පර්යන්තයේ රැදී සිටියදී මෙම මගියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී ග්රෑම් 650 ක් බරැති රත්රං තොගයක් සොයා ගෙන ඇති බව සඳහන්.
මෙම රත්රං තොගය සහ වැල්ලවත්ත ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපල රේගු නිලධාරින් වෙත භාරදී තිබෙනවා.
Share This Article