කේරළ ගංජා ටොන් 1ක් නාවික හමුදා භාරය
Saturday, 08 February 2020 - 18:33 | Views - 559
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම්වලදී කේරළ ගංජා ටොන් එකකට අධික ප්රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව, උතුරු නාවික විධානය මගින් කේරළ ගංජා කිලෝග්රෑම් 890 ක්, වයඹ නාවික විධානය මගින් කිලෝග්රෑම් 181ක්, මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
එමෙන්ම, 2019 වසර තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් 3.4 කට අධික ප්රමාණයක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.
Share This Article