බීඩිකොළ කිලෝ 700කට අධික ප්රමාණයක් නාවික හමුදා භාරයට
Saturday, 08 February 2020 - 14:39 | Views - 373
මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත බීඩි කොළ කිලෝග්රෑම් 700කට වැඩි ප්රමාණයක් උඩප්පුව සින්නපාඩු මුහුදු ප්රදේශයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
එම මුහුදු සීමාවේ ඊයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර මෙම බීඩිකොළ තොගය සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
නාවික හමුදාව අඛණ්ඩව සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩිකොළ තොගය මුහුදේ අතහැර දමා ගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා.
මෙම බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article