කොරෝනා වෛරස් වසංගතය නිසා ලොව පුරා මුහුණු ආවරණ ඉල්ලූම සිය ගුණයකින් ඉහළ යයි
Saturday, 08 February 2020 - 12:23 | Views - 711
චීනය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත උපකරණ වලට පවතින ඉල්ලූම සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහෙත් ගෝලීය සැපයුම ප්‍රමාණවත් නොවිම නිසා මුහුණු ආවරණ පමණක් නොව කබා, අත්වැසුම් ඇතුළු අනෙකුත් ආරක්ෂිත ඇගලූම් වල මිළ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ජිනිවා නුවර දී ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරස් අවදානම නිසා එම ආරක්ෂිත ඇගලූම්වල අවශ්‍යතාව සපුරාලීමට මාස 4ක් හෝ 6ක් ගත වනු ඇති. මේ නිසා ඒවායේ මිල ගණන් මේ වන විට 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ.

මේ අතර, කොරෝනා ආසාදිත බවට සැක පිට යාපනය රෝහලට ඇතුළත් කෙරුණු තරුණියට එම වෛරසය ආසාදනය වී නොමැති බව ජෛව සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු 22 හැවිරිදි තරුණියට ද කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් ප්‍රකාශ කළේ.

ඔවුන් දෙදෙනාම පසුගිය දා චීනයේ සිට මෙරටට පැමිණි අය බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top