කොරෝනා වෛරස් වසංගතය නිසා ලොව පුරා මුහුණු ආවරණ ඉල්ලූම සිය ගුණයකින් ඉහළ යයි
Saturday, 08 February 2020 - 12:23 | Views - 712
චීනය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත උපකරණ වලට පවතින ඉල්ලූම සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහෙත් ගෝලීය සැපයුම ප්‍රමාණවත් නොවිම නිසා මුහුණු ආවරණ පමණක් නොව කබා, අත්වැසුම් ඇතුළු අනෙකුත් ආරක්ෂිත ඇගලූම් වල මිළ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ජිනිවා නුවර දී ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරස් අවදානම නිසා එම ආරක්ෂිත ඇගලූම්වල අවශ්‍යතාව සපුරාලීමට මාස 4ක් හෝ 6ක් ගත වනු ඇති. මේ නිසා ඒවායේ මිල ගණන් මේ වන විට 20 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ.
මේ අතර, කොරෝනා ආසාදිත බවට සැක පිට යාපනය රෝහලට ඇතුළත් කෙරුණු තරුණියට එම වෛරසය ආසාදනය වී නොමැති බව ජෛව සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.
එමෙන්ම, බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු 22 හැවිරිදි තරුණියට ද කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රංජිත් අමරකෝන් ප්‍රකාශ කළේ.
ඔවුන් දෙදෙනාම පසුගිය දා චීනයේ සිට මෙරටට පැමිණි අය බව සඳහන්.
Share This Article