පුද්ගල මළසිරුරක් පොල්ගස්ඕවිට වැවක තිබී සොයාගැනේ
Saturday, 08 February 2020 - 11:22 | Views - 804
පොල්ගස්ඕවිට, සියඹලාගොඩ ප්රදේශයේ පිහිටි ඔලුපට්ටාව වැවේ තිබී පුද්ගල මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ (07) සවස මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ පාසැල් මාවතේ පදිංචිව සිටි 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
මීට දින දෙකකට පමණ ඉහතදී මෙම පුද්ගලයා මියයන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
මළසිරුර පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article