අලි දඩයමට බලපත්‍ර වෙන්දේසියක්
Saturday, 08 February 2020 - 9:38 | Views - 497
අලි දඩයමට පැනවූ තහනම පසුගිය වසරේ ඉවත් කළ අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යය අලි දඩයම් කිරීම සඳහා බලපත්‍ර වෙන්දේසියක් පවත්වා තිබෙනවා.
ඊයේ පැවති එම වෙන්දේසියේදී බලපත්‍ර 7ක් අලෙවි කළ අතර, එක් බලපත්‍රයක් යටතේ වන අලි දස දෙනෙකු දඩයම් කළ හැකි බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.
අලි දඩයම, පාලිත දඩබිම්වල සිදුකළ යුතු බවට බොට්ස්වානා රජය රෙගුලාසියක් පනවා තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැටළුසහගත බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත්, අලි දඩයමට අවසර ලබාදීම ගැන එරට ග්‍රාමීය ප්‍රජාවන් වෙතින් ප්‍රසාදයක් හිමි වී ඇති බව සඳහන්.
ඒ, එක් ලක්ෂ 30,000 ඉක්ම වූ අලි ගහනයක් සිටින බොට්ස්වානා රාජ්‍යයේ අලි - මිනිස් ගැටුම උත්සන්නව පැවතීම හේතුවෙන්.
Share This Article