ඇන්ටාක්ටිකාවේ වාර්තාගත උණුසුමක්
Saturday, 08 February 2020 - 8:42 | Views - 591
හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකාවේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය දැන් සටහන් වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය තහවුරු කළා.

සෙල්සියස් අංශක 18.3ක් වූ එම උෂ්ණත්වය පසුගිය බ්‍රහස්පතින්දා සටහන් කරගෙන ඇත්තේ ඇන්ටාක්ටිකා මහද්වීපයේ වයඹදිග කෙළවර පිහිටා ඇති ආර්ජන්ටිනා පර්යේෂණ මධ්‍යස්ථානය මගින්.

මීට පෙර දක්ෂිණ ධ‍්‍රැව ප්‍රදේශයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන්නේ 2015 වසරේ මාර්තු මාසයේ සටහන් වූ සෙල්සියස් අංශක 17.5ක අගයයි.

පසුගිය 50 වසර තුළ ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ එහි ග්ලැසියර් හෙවත් හිම තට්ටු වලින් සියයට 87ක් විසිරී ඇති බව විශ්වාස කෙරෙනවා.

ගෝලීය උණුසුම හේතුවෙන් පසුගිය වසර 12ක කාලය තුළ එලෙස ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් ඛාදනය වේගවත් වී ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ.

දක්ෂිණ ධ‍්‍රැවයේ  හිම දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම මීටර් 3කින් පමණ ඉහළ යා හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top