ඇන්ටාක්ටිකාවේ වාර්තාගත උණුසුමක්
Saturday, 08 February 2020 - 8:42 | Views - 592
හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකාවේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය දැන් සටහන් වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය තහවුරු කළා.
සෙල්සියස් අංශක 18.3ක් වූ එම උෂ්ණත්වය පසුගිය බ්‍රහස්පතින්දා සටහන් කරගෙන ඇත්තේ ඇන්ටාක්ටිකා මහද්වීපයේ වයඹදිග කෙළවර පිහිටා ඇති ආර්ජන්ටිනා පර්යේෂණ මධ්‍යස්ථානය මගින්.
මීට පෙර දක්ෂිණ ධ්රැව ප්‍රදේශයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන්නේ 2015 වසරේ මාර්තු මාසයේ සටහන් වූ සෙල්සියස් අංශක 17.5ක අගයයි.
පසුගිය 50 වසර තුළ ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ එහි ග්ලැසියර් හෙවත් හිම තට්ටු වලින් සියයට 87ක් විසිරී ඇති බව විශ්වාස කෙරෙනවා.
ගෝලීය උණුසුම හේතුවෙන් පසුගිය වසර 12ක කාලය තුළ එලෙස ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් ඛාදනය වේගවත් වී ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ.
දක්ෂිණ ධ්‍රැවයේ හිම දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම මීටර් 3කින් පමණ ඉහළ යා හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.
Share This Article