නසීර් ජාම්ෂෙඩ්ට මාස 17ක සිර දඬුවම්
Saturday, 08 February 2020 - 8:33 | Views - 490
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරඟ පාවාදීම්වලට මුල් වූ එරට ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන නසීර් ජාම්ෂෙඩ්ට එංගලන්තයේ අධිකරණයක් මගින් මාස 17ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මැන්චෙස්ටර් රාජකීය අධිකරණය මගින් 33 හැවිරිදි ජාම්ෂෙඩ්ට ඊයේ මෙම දඬුවම නියම කළ අතර, තරඟ පාවාදීම්වලට අදාළව ඔහුට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් 2018 වසරේදී වසර 10ක තරඟ තහනමක් ද පනවනු ලැබුවා.
2016 වසරේ පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ දී දුර්වල ලෙස ක්‍රීඩා කිරීම සඳහා අල්ලස් ලබා ගත් බව යූසුෆ් අන්වර් සහ මොහොමඩ් ඉජාස් යන ක්‍රීඩකයන් මීට පෙර පිළිගත් අතර ඔවුන්ට මාස 40 සහ 30 බැගින් සිර දඬුවම් නියම වුණා.
එලෙස ක්‍රීඩකයන්ට අල්ලස් ලබාදීමට කුමන්ත්‍රණය කළ බව පිළිගැනීමෙන් අනතුරුවයි නසීර් ජාම්ෂෙඩ්ට ඊයේ සිර දඩුවම් නියම කෙරුණේ.
Share This Article