කැබ් රථයක්, ත්රි රෝද රථයක ගැටී පුද්ගලයෙකුට බරපතලයි
Saturday, 08 February 2020 - 8:16 | Views - 307
බදුල්ල - මහියංගනය ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු කැබ් රථයක් ත්රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ සවස 6ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ 57 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article