හිරු ධර්මප්‍රදීපය අද ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් රජමහා විහාරයේ
Saturday, 08 February 2020 - 7:48 | Views - 300
අදට යෙදෙන නවම් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වනවා.

උදෑසන 06.00 ට උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා.

එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කෙරුණේ දෙමටමල් රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ පුන්‍යානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

උදෑසන 07.30ට කසීභාරද්වාජ සූත්‍රය විග්‍රහ කරන පෝදා ධර්ම දේශනය සිදුකරන්නේ පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන්.

එමෙන්ම, ප්‍රිය වචන පිළිබඳ විග්‍රහ කෙරෙන විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙනවා.

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද, පූජ්‍ය පුලියද්දේ සුධම්ම හිමියන්, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය කමල් ජයසේකර සහ වෛද්‍ය ආසිරි නිලංග ඊට එක්වීමට නියමිතයි.

මීට අමතරව සද්ධර්ම රත්නාවලිය ඇසුරින් තණ්හාවේ ආදිනව විවර කරන යුගාසන කාව්‍යමය ධර්ම දේශනය පෙරවරු 10 සිට 11 දක්වා පැවැත්වෙනවා.

එය මෙහෙය වන්නේ කාව්‍ය විශාරද පූජ්‍ය හිනිඳුම සරණසිරි හිමියන් සහ කාව්‍ය විශාරද පූජ්‍ය මාපිටියේ සිරිසුමන හිමියන් විසින්.

එමෙන්ම, දහවල් 12 සිට පස්වරු 1 දක්වා ශිෂ්ඨත්වය විග්‍රහ කෙරෙන විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.

ඊට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් සහ ප්‍රවීන ජ්‍යොතිෂ්‍යවේදී නිශාන්ත පෙරේරා එක්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top