බදින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු රෝහලේ
Saturday, 08 February 2020 - 7:37 | Views - 351
වවුනියාව,මහකච්චකොඩිය ප්රදේශයේදී බදින තුවක්කුවක් පත්තුවීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙක්.
සතුන් මැරීම වෙනුවෙන් ඇටවු බදින තුවක්කුවක් මෙලෙස පත්තු වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
තුවාල ලැබු පුද්ගලයාගේ පාද දෙකටම හානි සිදුවි ඇති අතර, තුවාලකරු වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මාමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Share This Article