රට මත්පැන් තොගයක් සුරාබදු අත්අඩංගුවට
Friday, 07 February 2020 - 21:09 | Views - 579
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (06) මීගමුව සහ කොට්ටාව ප්රදේශවල කරන ලද විශේෂ වැටලීම් වලදී විදේශීය මත්පැන් බෝතල් 270ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
විවාහ උත්සවයකට මත්පැන් ඇනවුම් කරන මුවාවෙන් උපාය දූතයන් යොදවා සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පි.එන් හේමන්ත පැවසුවේ.
මෙම මත් පැන් බෝතල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වන බවයි ඔහු පවසන්නේ.
විමර්ෂණ වලදී හෙළිවී ඇත්තේ මෙම මත් පැන් තොගය සීදූව ප්රදේශයෙන් මීගමුව සහ කොට්ටාව ප්රදේශවලට ඒවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article