විනිසුරු ගිහාන් පිලපිටිය ගැන නීතිපති පොලිස්පතිගෙන් නිදහසට කරුණු විමසයි
Friday, 07 February 2020 - 21:08 | Views - 318
තම උපදෙස් පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදුනොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ලබන සඳුදාට පෙර මෙලෙස කරුණු දක්වන ලෙස නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළව වරෙන්තුවක් ලබාගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර නීතිපති දප්පුල ද ලිවේරා පොලීසියට දැනුම් දී තිබුණා.

එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 - 01 සහ 12 - 02 වගන්ති උල්ලංඝනය වී ඇති බව ද නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top