විනිසුරු ගිහාන් පිලපිටිය ගැන නීතිපති පොලිස්පතිගෙන් නිදහසට කරුණු විමසයි
Friday, 07 February 2020 - 21:08 | Views - 319
තම උපදෙස් පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදුනොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබෙනවා.
නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ලබන සඳුදාට පෙර මෙලෙස කරුණු දක්වන ලෙස නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.
ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළව වරෙන්තුවක් ලබාගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර නීතිපති දප්පුල ද ලිවේරා පොලීසියට දැනුම් දී තිබුණා.
එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 - 01 සහ 12 - 02 වගන්ති උල්ලංඝනය වී ඇති බව ද නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.
Share This Article