හැටන් රක්ෂිතයක ගින්නක්
Friday, 07 February 2020 - 21:06 | Views - 392
හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් අක්කර 25ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද දහවල් හටගත් ගින්න කඳු මුදුනේ පිහිටි ගම්මානය දක්වා පැතිර යමින් තිබු අතර වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා එය මැඩපවත්වා තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග වන රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීම සඳහා විවිධ පුද්ගලයන් විසින් රක්ෂිතවලට ගිනි තබන බව ප්‍රදේශවාසීන් පවසනවා.
රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් එම රක්ෂිතවල ඇති ජල මූලාශ්‍ර සිඳී යාමේ අවධානමකට ද ලක්ව තිබෙනවා.
Share This Article