විනාඩි දහයෙන් විවාහ උත්සවය නිමකළ චීන වෛද්‍යවරයා රාජකාරියට පිටත්වූ හැටි- [Video]
Friday, 07 February 2020 - 14:45 | Views - 915
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 636 ඉක්මවා තිබෙනවා.
 
එමෙන්ම රටවල් 23කට අධික ප්‍රමාණයක සිය ආධිපත්‍යය පතුරවමින් සිටින කොරෝනා, 28,000 කට ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නෙ.
 
මෙවන් තත්ත්වයක් තුළ සිය පෞද්ගලිකත්වය පසෙකලා රාජකාරිය වෙනුවෙන් අවසන් ගමන් ගිය වෛද්‍යවරයෙකු ගැනත් අපිට පසුගිය දවසක අහන්න ලැබුණා.

ඒ අතරතුර ඇතැම් පිරිස් කොරෝනා හේතුවෙන් සිය විවාහ මංගල උත්සව කල් දමන්නට තීරණය කර ඇත්තේ අසරණ රෝගීන් වෙනුවෙන් කැපවීමට උවමනා නිසාමයි.
 
කෙසේ වෙතත්, වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිමක එරට වෛද්‍යවරයෙකු විවාහ දිවියට එළඹි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
පසුගියදා මෙසේ විවාහ දිවියට එළඹුණු වෛද්‍ය ලී ෂිකියැන්ග් ගේ මෙම විවාහ උත්සවය ඉතා "කෙටි එකක්" වුණු බවයි දැනගන්න ලැබෙන්නේ.
 
විනාඩි 10 ක කාලයක් පමණක් පැවති මෙම විවාහයෙන් අනතුරුව වෛද්‍යවරයා නැවතත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සේවයට වාර්තා කර තිබෙනවා.
 
විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වී ඇත්තේ ද 5 දෙනෙකු පමණක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.
 
මෙම සිදුවීම ඉතාමත් සීඝ්‍රයෙන් මේ වනවිට අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිර යනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top