ශාක භාවිත කර නිෂ්පාදනය වන නවතම මෝටර් රථ -[Video]
Friday, 07 February 2020 - 14:30 | Views - 433
ලොව පුරා මේ වනවිට වාහන බිලියන 1.3 ක් පමණ භාවිත කරමින් පවතිනවා. වැඩි වශයෙන් භාවිත වන වාහන නිසා පරිසරයට සිදු වන හානිය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
ඊට විසඳුමක් වශයෙන් ජපානය ශාක යොදා ගනිමින් පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයට යොමු වී සිටිනවා.
ශාක පල්ප බවට පත් කර නැවත ඉතා කුඩා කොටස් වලට වෙන් කිරීමෙන් නිපදවාගන්නා සෙලියුලෝස් නැනෝෆයිබර් යොදාගෙන මෙම වාහන නිපදවනු ලබනවා. මෙම නැනෝ සෙලියුලෝස් වාහන සාමාන්‍ය වාහනයක බරෙන් 1/5 ක තරම් අඩු බරක් සහිත වනවා මෙන්ම එමෙන් පස්ගුණයක් තරම් ශක්තිමත්.
ඉතා අඩු රත් වීමක් සහිත මෙම වාහන සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීම විශේෂත්වයක්. නැනෝ සෙලියුලෝස් වාහන වල කාබන් ඩයොසයිඩ් පිටවීමක් සිදු නොවීම අනෙක් ප්‍රධානම වාසියයි.
ගෝලීය කාබන් ප්‍රමාණය අවම කරගැනීම මගින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමද තවත් ඉලක්කයක් වනවා.
Share This Article