රන්ජන් නැවතත් අධිකරණයට
Friday, 07 February 2020 - 13:40 | Views - 792
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කටහඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට අද උදෑසන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
ඒ, එම අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහායි.
බන්ධනාගාරයේ සිට මන්ත්‍රීවරයා පෙරවරු 10.30ට පමණ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට පරීක්ෂණය සඳහා ඉදිරිපත් කෙරුණු අතර, පෙරවරු 11.55ට පමණ ඔහු එම ස්ථානයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගියා.
Share This Article