වසර 20කට පමණ පසුව ඕස්ට්‍රේලියාවට ලැබුණු වැඩිම වර්ෂාපතනය අද (07) වාර්තා වී තිබෙනවා.
විශේෂයෙන්ම ලැව්ගිණි වැඩි වශයෙන් පැතිර ගිය එරට නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල අනතුරුදායක තත්වය පහව යමින් පවතිනවා.
ගිණි අනතුරු පහව ගියද අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර සහ නාය අනතුරු ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.
ගිණි අනතුරු වලින් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් ගංවතුර අවදානමක් හමුවේ වුවද සතුටට පත් වී සිටින බව එම ප්‍රදේශයේ ගිණි නිවීම් ඒකකයේ ප්‍රධානියෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.
මේ සමගම ගිනි අනතුරු කාල සීමාව අවසන් වනු ඇතැයිොවුන් බලාපොරොත්තු වනවා.