ජපානයට ඔබ්බෙන් මගී නෞකාවක 61 දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වෙයි
Friday, 07 February 2020 - 10:07 | Views - 806
ජපානයේ යොකොහාමා වෙරළට ඔබ්බෙන් වූ සුඛෝපභෝගී නෞකාවක සිටින තවත් පුද්ගලයන් 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව 3700ක් මගීණ් රැගෙන යන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ යන අතර, එය චීනයෙන් පිටත විශාලතම ආසාදිත සංඛ්‍යාවයි.
මෙම නෞකාව පසුගිය සති දෙක තිස්සේ යොකොහාමා වෙරළට ඔබ්බෙන් නතර කර පරීක්ෂා කිරීම් ආරම්භ වූයේ එහි සිටි 80 හැවිරිදි හොංකොං වාසියෙකු රෝගාතුරවීමෙන් අනතුරුවයි.
හොංකොං පුරවරයට ඔබ්බෙන් වර්ල්ඩ් ඩ්‍රීම් නැමති සුඛෝපභෝගී නෞකාවේ සිටි පුද්ගලයන් 8 දෙනෙකුට ද පසුව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කෙසේ නමුත් නෞකාවේ දැන් සිටින 3600ක් වන මගීන් අතරින් කිසිවෙකු මෙතෙක් වෛරසයට ගොදුරු වූ බවක් වාර්තා වී නැහැ.
මේ අතර, නව කොරෝනා වෛරසයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 636 දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, නවතම වාර්තාවලට අනුව චීනයේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 31,161 ක්. ඒ අනුව ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 31,500ට ආසන්න බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article