මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට සභාපති නිසි අවධානය නොදීමෙන් මහරගම නගර සභා රැස්වීම උණුසුම්වෙයි
Friday, 07 February 2020 - 9:18 | Views - 375
මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අතරතුර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, සභාවේ මන්ත්‍රීවරුන් අදහස් පළ කරන අතරතුර සභාපතිවරයා ඊට නිසි අවධානය නොදීම හේතුවෙන්.
මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද පැවැත්වුණේ නගර සභා ශ්‍රවණාගාරයේදීයි.
සභාපති ටිරාජ් ලක්රුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සභාවාරයේදී මන්ත්‍රීවරුන් යෝජනා අදහස් ඉදිරිපත් කරන අවවස්ථාවේ සභාපතිවරයා ඊට සවන් නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සමන් සේනාධීර මහතා කිහිප වරක් දැනුම් දුන්නා.
පසුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සමන් සේනාධීර මන්ත්‍රීවරයාට සහය දක්වමින් සභාපතිවරයාට එරෙහිව අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
Share This Article