ලෙසෝතෝ අගමැති බිරියට ඇප
Friday, 07 February 2020 - 9:08 | Views - 328
මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ ලෙසෝතෝවේ අගමැති තෝමස් (ටොම්) තබානේගේ බිරිය වන මේසයියා තබානේ ඊයේ එරට අධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය. අගමැතිගේ පෙර විවාහයේ බිරිඳ වූ ලිපොලේලෝ තබානේ නමැති දේශපාලනඥවරිය ඝාතනය කිරීම ඔහුගේ වත්මන් බිරිය හට එල්ල වී ඇති චෝදනාවයි. එම ඝාතනය සම්බන්ධයෙන් මේසයියාගෙන් පමණක් නොව අගමැති තබානාගෙන් ද පොලිසිය මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.

තෝමස් තබානේ අගමැති ධුරයේ දිවුරුම් දීමට දින දෙකකට පෙර, එනම් 2017 ජුනි 14 දින අගමැතිවරයාගේ පළමු බිරිය ඇගේ නිවෙස අසලදී ඝාතනය කරනු ලැබිණි. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතර දික්කසාද නඩුවක් විභාග වෙමින් පැවතියේය.

අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා පසුගිය ජනවාරි 10 දින අසල්වැසි දකුණු අප්‍රිකාවට පලාගිය 42 හැවිරිදි මේසයියා තබානේ පසුගිය අඟහරුවාදා ආපසු සිය රටට පැමිණ මසෙරු අගනුවර දී පොලිසියට භාර වූවාය. ඇයට එරෙහි චෝදනා විමර්ශනය කිරීමෙන් පසු රජයේ නීති නිලධාරීන් විසින් චෝදනා පත්‍රය සකස් කරනු ලබන බවත්, ඉන්පසු ඇය උසාවියට ඉදිරිපත් කෙරෙන බවත් ලෙසෝතෝ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පසේකා මොකෙටේ පැවසීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top